නවතම පුවත්

තරු පන්තියේ හෝටලයක් නිරෝධායනයට දුන්නාට අගමැතිගෙන් තුති

අසංක

අසංක

COVID-19 වැළැක්වීම සඳහා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස සිට්‍රස් වස්කඩුව තරු පන්තියේ හෝටලය භාවිතා කිරීම සඳහා දීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කිරීම සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රශංසාව පළ කර තිබේ.

රට තුළ අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇති අවස්ථාවක එම හෝටල් කළමනාකාරිත්වය මෙවන් තීරණයක් ගැනීමේ වැදගත්කම අගමැතිවරයා පෙන්වා දෙයි.

මෙවන් අවස්ථාවක් කෙතරම් බරපතළ අර්බුදයක් වුවත් එක්ව නැගී සිටීමෙන් ජයගත හැකි බව අගමැතිවරයා කියාසිටියි.

කාමර 150 කින් යුත් මෙම සුපිරි හෝටලය රටේ අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් අවශ්‍යතාවක් වෙතොත් නිරෝධායන කටයුතු සඳහා භාවිත කරන ලෙස එහි අධ්‍යක්ෂ මණ්ඩලය කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා