නවතම පුවත්

වීසා නැති විදේශිකයන්ට ඩොලර් 500 දඩයක් !

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදේශිකයන්ගේ ඇමෙරිකානු ඩොලර් 500ක දඬ මුදලක් අය කර ගැනීමට රජයේ අවධානය යොමුව ඇත.

ඒ හා සමගාමීව සංචාරක වීසා කාලසීමා දිර්ඝ කිරීමටත්, ව්‍යාපාරික කටයුතු සඳහා නිකුත් කරන වීසා කාලසීමාව බහුවිධ ඇතුල්වීමේ පහසුකම් යටතේ නිකුත් කිරිමටත් අපේක්ෂා කරයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාලළව වර්තමානයේ පවතින වීසා වර්ග හා අයකරන ගාස්තු සංශෝෂනය කරීම සඳහා ආගමික හා විගමික රෙගුලාසි සංශෝධනය කිරිමට කැබිනට් මණ්ඩලය මීට පෙර අනුමැතිය ලබාදී තිබුණි.

මේ හරහා ආයෝජන දිරිගැන්වෙන වීසා ක්‍රමවේදයක් හඳුන්වාදීමටත්, සංචාරක වීසා සඳහා විවිධ රටවල්වලට අදාළව පවතින විවිධ ගාස්තු ක්‍රමවේදය වෙනුවට ඒකිය ගාස්තු ක්‍රමවේදයක්ද හඳුන්වාදීමට හැකි වෙතැයි රජය අපෙක්ෂා කරයි.

එසේම මීට පෙර ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් 500000ක මුදලක් ප්‍රේෂණය කරන ආයෝජකයන්ට වසර 10ක් දක්වාත් , ඇමෙරිකානු ඩොලර් 300000ක් ප්‍රේෂණය කරන ආයෝජකයන්ට වසර 5ක් දක්වාත් ලංකාවේ වාසය කිරීමට වීසා බලපත්‍ර නිකුත් කිරීමටත් කැබිනට් අනුමැතිය ලබාදුන්නේය.

එසේම විදේශ රටවල පුරවැසිභාවය ලබා ගැනීම හේතුවෙන්  ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහිමි වී ඇති පුද්ගලයන්ට විෂයභාර අමාත්‍යවරයාගේන් නියම කරන කාලසීමාවක් සඳහා ස්ථිරව වාසය කිරීමට වීසා බලපත්‍ර ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදුන්නේය.

මේ සියලු සංශෝධන සඳහා 1948 අංක 20 දරණ ආගමික විගමනික පනත සංශෝධනය කිරීමටත්, සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළකර පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට යොමු කිරීමටත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්