ඉන්ධන රැගත් දුම්රිය හතරක් කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට අනුරාධපුරය ,මඩකළපුව,පේරාදෙණිය සහ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හෙට (23) පිටත් කර යැවීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සැලසුම් කර ඇත.
මේ පිළිබඳව දැනටමත් අදාළ අංශ දැනුවත් කර ඇති බවද විදුලි බල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටී.
ඒ අනුව පෙට්‍රල් , ඩීසල්, භූමිතෙල් සහ ගුවන් යානා ඉන්ධන රැගත් මෙම දුම්රිය හතර හෙට පිටත් කර යැවීමට සංස්ථාව මේ වන විට කටයුතු යොදමින් ඇති බවද වාර්තාවේ.