නවතම පුවත්

ඇඳිරිනීතිය කඩකළ 790ක් අත්අඩංගුවට

අසංක

අසංක

නව කොරෝනා වසංගතය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රට පුරා පනවා ඇති ඇඳිරි නීතිය නොතකා නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 790 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රීරෝද රථ ඇතුළුව අනෙකුත් වාහන 154 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

මින් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ගයේ නිකරුණේ ගැවසීම සම්බන්ධවයි.

ඊට අමතරව ක්‍රීඩා පිටිවල පිරිසක් වශයෙන් එක්රැස්ව මත්පැන් පානය කිරීම වාහනවලින් මාර්ගයේ ගමන් කිරීම, බීමත්ව මාර්ගයේ අශෝභන ලෙස හැසිරීම වෙළදාම් කිරීම ආදී සිද්ධීන් සම්බන්ධයෙන් ද මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් අත්අඩංගුවට ගන්නා ලද එම සැකකරුවන් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ඒ ඒ පොලිස් ස්ථාන විසින් ගනු ලබන බව පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා