නවතම පුවත්

නාවික හමුදාව පැය 24න් විෂබීජහරණ කුටියක් නිර්මාණය කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නාවික හමුදාවේ නැගෙනහිර නැව්බද ඉංජිනේරු දෙපාර්තමේන්තුව කොවිඩ්-19 වසංගතයෙන් ආරක්ෂාවීමේ විශේෂ විෂබීජහරණ කුටියක් පැය 24ක් කාලයක් තුළ සාදා නිම කර ඇත.

දේශීයව නිර්මාණය කර තිබෙන මෙම කුටියට අවශ්‍ය සියලුම විෂබීජහරණ ද්‍රව්‍ය සහ තාක්ෂණය නාවික හමුදාවේ නැගෙනහිර නැව්බද ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් සකස් කර තිබේ. ඊ‌ට නාවික හමුදා වෛද්‍ය අංශයේ සහයද ලැබී තිබේ.

නැව්බද ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ (නැගෙනහිර) කළමනාකරු කොමාන්ඩර් පී.ජී ජානක, ලුතිතන් කොමාන්ඩර් එච්.ඒ.ඩබ්ලිව් හපුආරච්චි,ලුතිතන් කේ.එස්.එන් ජයනාත්, උප ලුතිතන් එම් ඩබ්ලිව් විවන්ත, උප ලුතිතන් එස්.එල්.කේ.පී.ජේ පතිරණ ඇතුළු දෙපාර්තමේන්තුවේ සෙසු නිල එක්ව මෙම නිර්මාණ කර ඇත.

අදාල නිර්මාණය ඊයේ උදෑසන පටන් නාවික හමුදා නැගෙනහිර විධාන මුලස්ථානයට ඇතුළුවන ස්ථානයේ තබා සාර්ථකව අත්හදා බලා තිබේ. අවශ්‍යතාව අනුව ඉදිරියේදීත් මෙවැනි කුටි නිෂ්පාදනයට නාවික හමුදාව සුදානමින් සිටින බව වාර්තා වේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා