පකිස්ථානයේ ප්‍රථම කොරෝනා වයිරස ආසාදිත මරණය අද වාර්තා විය.
වයස අවුරුදු 50ක් වන මෙම පුද්ගලයා සවුදි අරාබියේ වන්දනාවේ ගොස් සිට මාර්තු මස 9 වන දින පකිස්ථානයට පැමිණ ඇති බව වාර්තාවේ .
පකිස්ථානයේ මේ වනවිට තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 750කි.
මෙම මරණය පිලිබඳ එරට මාධ්‍ය අද වාර්තා කර තිබුණ ද ඔහු මරණයට පත්වූ දිනය පිළිබඳව නිශ්චිතව තොරතුරු අනාවරණය කර නොමැත.