කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ති‍්‍රක්ක සහ උතුරු පළාතේ දිස්ති‍්‍රක්ක 5 කට බලපැවැත්වුණු ඇඳිරි නීතිය අද උදෑසන 6 ට ඉවත් කෙරුණා.
එම දිස්ති‍්‍රක්කවලට අද දහවල් 12 ට නැවත ඇදිරි නීතිය කි‍්‍රයාත්මක කරන අතර එය ලබන සිකුරාදා උදෑසන 6 තෙක් බලපැවැත්වෙනවා. 27 වන සිකුරාදා දහවල් 12 සිට එම දිස්ති‍්‍රක්කවලට යළි ඇදිරි නීතිය පැනවීමටයි රජය තීරණය කර ඇත්තේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට ඊයේ පස්වරු 02 සිට යළි ඇදිරි නීතිය පැනවූ අතර ලබන බ්‍රහස්පතින්දා උදෑසන 6 දක්වා එය බලපැවැත්වෙනවා. අදාළ දිස්ති‍්‍රක්කවලට පනවා ඇති ඇඳිරි නීතිය 26 වන බ්‍රහස්පතින්දා උදෑසන 06 ට ඉවත් කර එදිනම දහවල් 12 ට යළි ඇඳිරි නීතිය පැනවෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිවේදනය කළේ.