ජාතික පොලිස් කොමිසමේ සභාපති අර්බුදය මෙතෙක් විසදී නොමැති බැවින් පොලීසියේ උසස්වීම් ස්ථාන මාරු, විනය ක්‍රියාමාර්ග, සියල්ලක්ම ඇණහිට තිබේ.
මේ වනවිට සති 3ක් තිස්සේ ජාතික පොලිස් කොමිසම රැස්වී නැත.
ව්‍යවස්දායක සභාව සහ ජනාධිපති කාර්යාලය ජාතික පොලිස් කොමිසමේ සැබෑ සභාපතිවරයා කවුරුන්ද යන්න නිල වශයෙන් දැනුම් දෙන තුරු ජාතික පොලිස් කොමිසමේ රැස්වීම් නොකිරීමට එහි ලේකම්වරු දැඩි තීන්දුවක් ගෙන තිබේ.
මෙම ගැටලුව විසදන ලෙස ජනාධිපති ලේකම්වරයාටත් ව්‍යවස්ථාදායක සභාවටත් පොලිස් කොමිසමේ ලේකම් විසින් ලිඛිතව මේ වනවිට දැනුම්දීමක් ද කර ඇත.
ව්‍යවස්ථාදායක සභාව විසින් ජාතික පොලිස් කොමිසමේ නව සභාපතිවරයා ලෙස එහි හිටපු සාමාජික වන තිලක් කොල්ලුරේ මහතා පත්කරන ලදී.
පැවති කොමිසමේ සභාපතිවරයා වන ජී.එච්. මනතුංග මහතා 2020 ජනවාරි 18 වැනිදා දක්වා තමන් සභාපතිවරයා බව පැවසීමත් සමග සභාපති ධුරයේ අර්බුද හට ගත්තේ ය.
එහිදී කොල්ලුරේ මහතා සභාපති ධුරය භාරනොගන්නා බව ජනාධිපති ලේකම්ට සහ ව්‍යවස්ථාදායක සභාව දැනුම් දී ඇත.
පැවති කොමිසමේ සභාපති මනතුංග මහතා ඉකුත් අගහරුවාදා සිට කොමිසමට පැමිණ සභාපති කාර්යාලයේ රැදී සිටින්නට විය.
එහෙත් එම සභාපති ධුරය පිළිගත නොහැකි බව සදහන් කරමින් ජාතික පොලිස් කොමිසමේ සෙසු නිලධාරීන් ව්‍යවස්ථා සභාවෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිළිතුරක් ලැබෙනතුරු බලා සිටිති.
දම්පත් රණසිංහ