කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කයන් කොරෝනා අවදානම් කලාප ලෙස හඳුනා ගැනීමත් සමග එම දිස්ත්රික්කයන්ට නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි.
එම දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙන දීම සදහා විශේෂ වැඩපිළිවෙළක්ද රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.