නවතම පුවත්

නාවික හමුදාව කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨ රෝහල සහ කළු‍බෝවිල ශික්‍ෂණ රෝහලෙහි විෂබීජහරණය කෙරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 24) කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨ රෝහල සහ කළුබෝවිල ශික්‍ෂණ රෝහල කේන්ද්‍ර කර ගනිමින්  විෂබීජහරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත මහජනතාව ගැවසෙන පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් නාවික හමුදාව මේ වන විට විසබීජහරණ වැඩසටහන් රැසක්  ක්‍රියාත්මක කරමින් සිටිනු ලබයි. ඒ අනුව අද (2020 මාර්තු 24) බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහගේ මගපෙන්වීම යටතේ බටහිර නාවික විධානයේ නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨ රෝහල සහ කළුබෝවිල ශික්‍ෂණ රෝහල කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. මෙහිදී දෛනිකව මහජනතාව බොහෝ පිරිසක් ප්‍රථිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන මෙම රෝහල් පරිශ්‍රයන්හි සියළුම ස්ථාන ආවරණය වන පරිදි විෂබීජහරණය නියමිත ක්‍රියා පටිපාටියට අනුව සිදු කරන ලදි.

තවද, ඉදිරියේදීද වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මහජනතාව ගැවසෙන පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව සූදානමින් සිටී.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි