කොකේන් හොයපු රන්ජන් ‘කුඩු මොරිල්’ එක්ක ගහපු ෆොටෝ ලීක්වෙයි (Exclusive)

Picture of අසංක

අසංක

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්ර්ව්යම කාර්යාංශය විසින් කළ ඒකාබද්ධ වැටලීමකදී කොල්ලුපිටියේ මරීනා මෝල් නැමැති සුපිරි සාප්පු සංකීර්ණයේ රථ ගාලින් අල්ලාගත් ලංකාවේ ලොකුම හෙරොයින් තොගය වන කිලෝ 294 ක හෙරොයින් තොගයේ මහ මොළකරු මොරිල් නැමැත්තා බව www.thecolomboexpress.com දිගින් දිගටම රටට හෙළි කළේය.

පොලිස් මූලස්ථාන නිල වශයෙන් මාර්තු 01 වෙනිදා ඒ බව පොලිස් මාධ්ය ප්රොකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මගින් නිවේදනය කළේය. අද 02 වැනිදා අප මොරිල් සිය බිරිද සමග ඉතාලියේ දුම්රියක ගමන් කරන ඡායාරූපයක් ප්රදසිද්ධ කරන්නට පියවර ගත්තේ මොරිල් කවුරුන්දැයි අපගේ පාඨකයන්ට දැන ගැනීම සදහාය. එතෙක් මොරිල් නැමැත්තා කවුදැයි කිසිවෙක් දැන නොසිටි අතර ඔහුගේ ඡයාරූපයක් ප්රදසිද්ධියට පත්වුයේ පළමු වතාවටය.
එම ඡයාරූපය අප වෙබ් අඩවියේ ප්රලසිද්ධ වීමත් සමග ඩුබායි හී සිටින ද කලම්බු එක්ස්ප්ර ස් පාඨකයෙක් සුවිශේෂී ඡයාරූපයක් අපවෙත යොමු කළේය. ඒ මේ දිනවල වඩාත් කථාබහට ලක්ව සිටින රාජ්යි අමාත්යය රංජන් රාමනායක සහ මොරිල් එකට සිටින ඡයාරූපයකි. එම ඡායාරූපය ඩුබායි හීදී ලබාගත්තක් බව එම පාඨකයා අපට සදහන් කර තිබේ. එම ඡායාරූපය ලබාගෙන ඇත්තේ 2013 වසරේ ඩුබායි හී බාඩුබායි ප්රෙවද්ශයේ වොන්ඩර් ලෑන්ඩ් උද්යාිනයේ ඇති ශාලාවකදීය.

අපට ලැබෙන තොරතුරුවලට අනුව ඇන්තනී මයිකල් මොරිල් නොහොත් කිරුළපනේ මොරිල් ලංකාවේ මත්කුඩු ඡායාවාරමේ නිරත මුල් පුරුකකි.මේ වන විට ඔහු රැදී සිටින්නේ එංගලන්තයේය. මාකදුරේ මධුෂ් ඩුබායි හීදී එරට පොලිසියට කොටුකර දුන්නේ යැයි කියන්නේ මොරිල්ය. ඩුබායිහී පොලිසියේ සිටින ඉරාන් ජාතිකයන් මොරිල්ගේ මිතුරන් යැයිද මධුෂ් කොටුකර ඇත්තේ ඒ අය හරහා යැයිද ආරංචි පැතිර ගියේය.

මධුෂ්ව ඩුබායි පොලිසියට අල්ලා දීමෙන් මොරිල් කර ඇත්තේ පළගැනීමකි. මොරිල්ට අයත් හෙරොයින් කිලෝ 178 ක් පසුගිය 2018 වසරේදී දෙවුන්දර වෙරළට පකිස්තානයේ ඉදන් බෝට්ටුවකින් ගෙනත් තිබේ. එම මත්කුඩු තොගය බෝට්ටුවෙන් ගොඩබාමින් සිටිනවිට පොලිසියේ පිරිසක් එතැනට කඩාපැන එම මත්කුඩු තොගය රැගෙන ගොස් ඇත. ඒ වනවිට ගොඩබාමින් සිටි පිරිස සීසීකඩ දුව ඇත්තේ පොලිසියෙන් බේරීම සදහාය. පසුව හෙළිවී ඇත්තේ පොලිසිය ඒ මත්කුඩු තොගය වෑන් රථයක දමාගෙන රැගෙන ගොස් ඇතිබවය.

සබෑවටම සිදුව තිබුණේ එය පොලිස් වැටලීමක් නොවීමය. මධුෂ්ගේ සැළසුමකට අනුව පොලිස් වෙස්ගත් මධුෂ්ගේ ගෝලයින් පිරිසක් එම හෙරොයින් තොගය කොල්ලකෑමය. ඒබව දැනගත් මොරිල්ට මධුෂ් ගැන වෛරයක් ඇති වී තිබේ. මධුෂ්ගෙන් පළිගැනීමට මධුෂ්ව පොලිසියට අල්ලල දීමට පිඹුරුපත් සැක සෙන්නේ ඒ අනුවය. මොරිල් ඩුබායි වලින් එංගන්තයට පැන ගන්නේ මෙම මහ සැලසුම ඇන්ද පසුවය. මධුෂ්ගේ ගෝලයින්ගෙන් ඒවනවිටත් මොරිල්ට මරණීය තර්ජන තිබුනේය.

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්රතව්ය. කාර්යාංශය එක්ව පහුගිය වසරේ දෙසැම්බර් 12 වෙනිදා බේරුවලින් අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 231 ද මොරිල්ගෙ බවයි දැනට හෙළිවී තිබෙන්නෙ. මොරිල්ගේ මෙහෙයැවීමෙන් සීසෙල්ස් දිවයිනටද හෙරොයින් මෙරට සිට බෝට්ටු වලින් රැගෙන යන බවද දැන් හෙළිවෙලා. ඒ ගැන පරීක්ෂණ පවත්වන්නත් පොලිස් කණ්ඩායමක් අපේ රටේ ඉදන් සීසෙල්ස් දිවයිනට ගිහින්.

ද කලම්බු එක්ස්ප්රමස් අප කණ්ඩායමට ලැබී ඇති තොරතුරුවලට අනුව මොරිල් උපත ලබා ඇත්තේ 1972 වසරේ ජනවාරි 17 වෙනිදායි. ඔහු පදිංචිව සිට ඇත්තේ කිරුළපන සිද්ධාර්ථ පාරේ නිවසකයි. තාත්තා නගර සභාවේ කම්කරුවෙක්. පවුලේ සාමාජිකයන් 07 දෙනෙක් සිටිනවා. මත්කුඩු සමග ඔහු පළමුවතාවට අත්අඩංගුවට පත්වෙලා තියෙන්නේ 1996 වසරේදීයි. ඒ සුරාබදු නිළධාරීන්ට. හෙරොයින් ග්රූම් 70 කුත් එක්ක. පස්සේ නැවතත් මොරිල් අත්අඩංගුවට පත්වන්නේ 2001 වසරේ ජනවාරි 31 වෙනිදායි. ඒ පොලිස් මත්ද්රගව්යප කාර්යාංශයට. හෙරොයින් කිලෝ 02 යි ග්රෑම් 605 ක් ඔහු සන්තකයේ ඒ වනවිට තිබිලා තියෙනවා.

මොරිල්ට ඇප හම්බවෙන්නේ නැහැ. දීර්ඝ කාලයක් රිමාන්ඩ් රැදවූවෙක් ලෙස ඔහුට සිද්ධ වෙන්නේ වැලිකඩ බන්ධනාගාරයේ සිටින්නයි. වැලිකඩ බන්ධනාගරයේ ඔහුට හිටපු හොදම මිතුරා තමයි තෙල් බාලා නැමැති මහා පරිමාන මත්කුඩු ජාවාරම්කරුගේ වැඩිමහල් සහෝදරියගේ පුතා. එයාගේ නම රමේෂ්. මිනිහා කොළඹ ඒ කාලේ හිටපු ලොකුම පාතාල අපරාධ කරුවෙක්. බ්ලූමැන්ඩල්වල තිබ්බ කුණු කන්ද පාමුල හිටපු කොළඹ අංක එකේ පාතාල කල්ලි නායකයා තමයි ප්රිවන්ස් කොලම්. ඔහුයි රමේෂුයි අතර ආරවුලක් තිබ්බා. ඒ නිසාම ග්රෑපන්ඩ්පාස්වල තියෙන තමිල්නාඩුව කියන පැත්තේදී ප්රි න්ස්ගේ ගෝලබාලයින් අතින් රමේෂ් එයාගේ ගෝලයින් තුන්දෙනෙක් එක්කම වෙඩි කාල මැරුණා. ඒ 2003 අවුරුද්දේ. රමේෂ් වෙඩි කනකොට ඇපමත ඇවිල්ල වැඩි කාලයක් නැහැ. රමේෂ් හරහා ඒ වෙනකොට මොරිල් ඉන්දියාවේ හිටපු රමේෂ්ගේ මාම වෙන තෙල්බාලා එක්ක හිතවත්කමක් ගොඩනගාගෙනයි හිටියේ.

තෙල්බාලා ඉන්දියාවට පැනල යන්නේ කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට එල්ල වෙච්ච ත්රහස්ත ප්රබහාරයත් එක්කයි. තෙල්බාලා ත්රබස්තවාදීන් එක්කත් සම්බන්ධකම් පැවැත්තුවා. තෙල්බාලගේ තැනක තමයිලු ඒ ප්ර්හාරයට ආයුධ හංගල තිබ්බේ. රහස් පොලිසිය ඔහුව අල්ලන්නට හොයනකොට බෝට්ුවකින් ඉන්දියාවට පැනගත්ත එයා ඒ රටින්ම දෙවැනි කසාදයත් කර ගත්ත. හෙරොයින් ජවාරමත් කරන අතරේ ටැක්සි සියයක හිමිකරුවෙක් බවට පත්වෙලා තමිල්නාඩුවේ ගමක ලොක්කෙක් ලෙසයි ජීවත් වුනේ. එයා 2017 අවුරුද්දේ ඉන්දියාවේදි මරණයට පත්වෙන්නේ සැත්කමක් අතර තුරදී. අන්තිමට මළ සිරුර ලංකාවටත් ගෙනාව. ප්රයභුවරයෙක්ගේ මරණයක් විදිහටයි අවසන් කටයුතු සියල්ල සිද්ධ වුනේ. ඒක වෙනම කතාවක් මේ කියන කථාව මොරිල්ගේ. රමේෂ්ගේ මරණින් පස්සේ මොරිල් තෙල්බාල සමග මත්කුඩු ජාවාරම කරගෙන යන්නේ හිරේ ඉදන් දුරකතනයෙන්. ජයටම ජාවාරම සිදුවුනා. හැබැයි 2006 අවුරුද්දේ ජුනි 05 වෙනිදා මොරිල්ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් හිමිවෙනවා. ඒ වෙනකොට අවුරුදු හයකට වැඩි කාලයක්ම මොරිල් හිටියේ රිමාන්ඩ් සිරකරුවෙක් ලෙසයි.

ජීවිතාන්තය දක්වා තමන්ට ලද දඩුවම මොරිල් පිලිගත්තේ නැහැ. අභියාචනාධිකාරණයට අභියාචනයක් ඉදිරිපත් කළා. කෝටි ගානක් ඔහු සල්ලි ඒ සදහා විසි කලා. අවුරුද්දක් දෙකක් යනකොට එයාගේ නඩුව ඇහෙන්න ගත්ත. අල්ලන්න ඕනේ හැම තැනක්ම අල්ලල කියලයි ඒ කාලේ කියැවුනේ. ඒ වගේම ඔහු අභියාචනයෙන් නිදොස් වුනා. නිදහස ලැබුණු ගමන් ඔහු පවුල පිටින් පැනගත්තේ ඩුබායි රාජ්යඔයට. එදා ඉදන් ඔහු ඉන්නේ ඩුබායි වල. ලංකාවේ දේශපාලනඥයන් හුග දෙනෙක් මොරිල්ගේ මිත්රනයින්. ඒ වගේම තමයි මොරිල් එක්ක අපේ රටෙ කලාකාරුවන් රැසක් එක්කත් හිතවත්. ඔහු සමග හිතවත් කම් පාන්න කාටවත් තහනමක් නැහැ. මේ පින්තූරයේ කතාව නැවත වතාවක් අප සිහි කරගත යුතු බොහෝ දේ සිහිකරනවා. මෙතන මොරිල් ඉන්නෙ රංජන් රාමනායක ඇමැතිවරයා සමගයි. රන්ජන් රාමනායකගෙ කැමැත්ත අකමැත්ත, දන්නවද නොදන්නවද කියන එක වෙනමම විමසා බැලිය හැකියි. නමුත් මොරිල් රන්ජන් එක තැනක එකට ඉදලා තියෙනවා.

වසන්ත වීරබද්ධන