නවතම පුවත්

නිරෝධානය සම්පූර්ණ කල තවත් 208 ක් අද නිවෙස් කරා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නිරෝධායන මධ්‍යස්ථානවලදී නිරෝධායන කි‍්‍රයාවලිය සම්පූර්ණ කළ තවත් 208 දෙනෙකු අද (25) ඔවුන්ගේ නිවෙස් කරා පිටත් කර යැවීමට නියමිතව තිබෙනවා.

ඒ පිළිබඳ කරුණු දැක්වූ කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන්  කළේ මෙම පිරිස ගැන සමාජයේ කිසිඳු සැකයක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවයි. ඔවුන් සියලු දෙනා යහපත් ශරීර සෞඛ්‍යෙයන් සිටි බවත් සඳහන් කළා. . 

නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින සෙසු පිරිස මුදා හරින ආකාරය සම්බන්ධයෙන් ද යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් කරුණු දැක්වුවා. එහිදී පෙන්වා දුන්නේ 3300කට ආසන්න සංඛ්‍යාවක් තවමත් නිරෝධායන කඳවුරුවල සිටින බවයි. ඔවුන් ද ඉදිරි දින කිහිපයේදී පැමිණි ආකාරය අනුව කණ්ඩායම්  වශයෙන් නික්මයාමට කටයුතු කරනු ඇති බවත් පෙන්වා දුන්නා. කෙසේ වෙතත් ඔවුන් සිටින ගොඩනැගිල්ලේ යම්කිසි පුද්ගලයෙකු ආසාදනයට ලක් වී සිටියේ නම් තවත් දින කිහිපයක් ඔවුන්ගේම ආරක්ෂාව වෙනුවෙන් රඳවා ගැනීමටත් වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරීමටත් පියවර ගන්නා බවත් සඳහන් කළා. 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා