ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකියෙක් කොරෝනා වෛරසයට ගොදුරු වී ජීවිතක්ෂයට පත්ව ඇති බවට පලවන වාර්තා පිළිබඳව තවදුරටත් කරුණු සොයාබැලීමට විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන ඇත. ඒ අනුව අදාළ පුද්ගලයාගේ වාර්තා වෛද්‍ය වාර්තා ලැබෙන තෙක් ඔහු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගියේද යන්න පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත
එම සිද්ධියට අදාළ තොරතුරු තහවුරු කර ගැනීම වෙනුවෙන් එරට පිහිටි තානාපති කාර්යාලය හා තවදුරත්සම්බන්ධ වෙමින් සිටින බවද අමාත්‍යංශයේ ප්‍රකාශකයකු පැවසීය .
මේ අතර ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකුට කොවිඩි නයිටීන් වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇතැයි රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය