මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා නිකුත් කර ඇති වීසා පහසුකම් අත්හිටවු කාල සීමාව තවත් දීර්ඝ කර ඇත.
ඒ අනුව ලබන 31 වැනි දා මධ්‍යම රාත්‍රිය දක්වා එම වීසා පහසුකම් අත්හිටුවා ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.
මේ අතර මෙරටට ගුවන් මගීන් රැගෙන ඒමේ තහනමද ලබන 31 වැනි දා දක්වා දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.