පාතාල සාමාජිකයකු වූ ‘බ්ලූමැන්ඩල් සංඛ’ නමැත්තා ගෝලයන් දෙදෙනෙකු සමග ඉන්දියාවට පලායමින් සිටියදී රාමේශ්වරම්හිදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බෝට්ටුව සමග ඔහු පෙරේදා කොටුවූ බවට තොරතුරු ලැබී පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා තහවුර කළේය.
සංඛ සමග කොටුවු අනෙක් දෙදෙනා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
දම්පත් රණසිංහ