දිවයිනේ දිස්ත්‍රික් 16කට දැනට ක්‍රියාත්මක ඇඳිරිනීතිය හෙට පෙරවරු 6ට ඉවත් කෙරේ.
ඒ බස්නාහිර පලාතේ කොළඹ ගම්පහ කළුතර සහ උතුරු පළාතේ වවුනියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව්, යාපනය මෙන්ම පුත්තලම යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට ය.
කෙසේවෙතත් හෙට පෙරවරු හයට ඇදිරිනීතිය ඉවත් කළද 12.00 ට සෙසු දිස්ත්‍රික් 19ට ඇඳිරිනීතිය යළි පැනවෙනු ඇත.
එමෙන්ම උතුරු පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ පවතින ඇඳිරිනීතිය අනිද්දා පෙරවරු 6ට ඉවත් කොට දහවල් 12:00 ට යළි පැනවේ.
දිවයිනේ සියලු දිස්ත්‍රික් අතර ගමනාගමනය මුළුමනින්ම තහනම් වෙයි.
අත්‍යවශ්‍ය සේවා සහ නිෂ්පාදන ක්‍රියාවලියේ නම් කරන ලද සේවා සඳහා ඇඳිරිනීතිය බලනොපානු ඇත.