පෞද්ගලික සංචාරයක් සදහා ඉන්දියාවට ගිය අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඉන්දියාවේ වසර 2000ක් ඉපැරැණි ඓතිහාසික තිරුපති වන්දනාවට එක්වී තිබේ.
ඒ බිර්රිද මෛත්රී වික්රමසිංහ හා තවත් නිලධාරීන් රැසක් ද සමගිනි.
අගමැතිවරයා තිරුපති වන්දනාවේදී ‘තුලාබරම්’ පූජාව සිදුකිරීම අනිවාර්යයෙන් සිදුකරන්නකි.
එම පූජාවට අනුව අගමැතිවරයා තමන්ගේ බරට කාසි පූජා කොට තිරුපති පූජාව සිදුකිරීම විශේෂත්වයකි.
අගමැතිවරයා මෙලෙස තිරුපති වන්දනාවට එක්වූයේ 2012, 2016, 2018 වසරවලදී ය.
මේ වනවිට අගමැතිවරයා වාර්ෂිකව තිරුපති වන්දනාවට එක්වනු දැකිය හැකි වේ.