නවතම පුවත්

නේචර් සීක්‍රට් රන් සම්මානයෙන් පිදුම් ලබයි

අසංක

අසංක

මෙරට ප්‍රමුඛතම ශාකසාර රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමක් වන නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් සමාගම පසුගියදා පැවති ශ්‍රී ලංකා සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මාන උළෙලේ දී රන් සම්මානයෙන් පිදුම් ලැබීය.

ජපන් විදේශ වෙළෙඳ සංවිධානයත්, (JETRO) තරුණ ලාංකේය ව්‍යවසායකයින්ගේ වාණිජ මණ්ඩලයත් (COYLE) එක්ව පවත්වනු ලබන ශ්‍රී ලංකා සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මාන ප්‍රදානෝත්සවය මගින් වඩාත් කැපවූ ප්‍රතිපත්ති සහිත ක්‍රියාකාරකම් ඔස්සේ තම සේවකයින්ගේ ශාරීරික සහ මානසික සෞඛ්‍යයත්, ඔවුන්ගේ යහපැවැත්මත් උදෙසා කැපවී ක්‍රියාකරන ශ්‍රී ලාංකික සමාගම් ඇගයීමට ලක්කිරීම සිදුකරනු ලබයි.

නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් සමාගම ශ්‍රී ලංකාවේ විශාලතම, එමෙන්ම යුරෝපයේ පිළිගත් යහපත් නිෂ්පාදන ප්‍රමිතීන්ට අනුකූලව (GMP) උසස් ප්‍රමිතියෙන් යුතුව වඩාත් සනීපාරක්ෂක ශාකසාර රූපලාවන්‍ය නිෂ්පාදන, නිෂ්පාදනය කරනු ලබන සමාගමකි.

එම සමාගම විසින් ISO 9001: 2015 තත්ත්ව කළමනාකරණ පද්ධති සහතිකය සහ ISO 14001: 2015 පාරිසරික කළමනාකරණ පද්ධති සහතිකය ද දිනා ඇත.

පරිසර සංරක්ෂණය සඳහා වූ දැඩි කැපවීම උදෙසාම ශ්‍රී ලංකාවේ පිරිනමනු ලබන ඉහළම ජාතික පාරිසරික සම්මානය වන ජාතික හරිත රන් සම්මානයෙන් පිදුම්ලද මෙරට එකම රූපලාවන්‍ය නිෂ්පාදක සමාගම වන්නේ ද නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් සමාගමයි.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයකට අයත් විශාලතම, ඖෂධීය ශාක වර්ග 800කට වඩා වැඩි ප්‍රමාණයකින් යුත් ශාක වගාවකට හිමිකම් කියන නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් සමාගම එමගින් දිවයිනේ ජෛව විවිධත්වය සුරක්ෂිත කරගැනීම සඳහා ද සිය දායකත්වය සපයනු ලබයි.

මෙම සමාගම සිය නිෂ්පාසන වන නේචර් සීක්‍රට්ස්, පැන්ඩා බේබි, චන්ඩි පැන්ඩා සහ මිසුමි ආදී වූ වෙළෙඳ සන්නාමයන් යටතේ දේශීය හා විදේශීය වෙළෙඳ පොළ තුළ අභිමානවත්ව බැබළෙන සමාගමකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්