නවතම පුවත්

ගෙවුණු දසවසරේ දුම්රිය අනතුරු මරණ 2000 ඉක්මවයි

අසංක

අසංක

නාවලපිටියේදී පාසල් සිසුන් දෙදෙනෙක් පසුගිය සෙනසුරාදා දුම්රිය ගැටී මිය යාම මේ වන විට සමාජයේ දැඩි කථාබහකට ලක්ව ඇත.

මහනුවර සිට ඇල්ල බලා ධාවනය වෙමින් තිබුණු දුම්රියක එම සිසුන් දෙදෙනා ගැටෙන අතර පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ එක් සිසුවියක් ජංගම දුරකතනය ක්‍රියාත්මක කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී එම සිසුවිය දුම්රියේ ගැටීම වැලක්වා ගැනීමට ගොස් සිසුවාත් සිසුවියත් දුම්රියේ ගැටී ඇති බවය.

දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න පවසන්නේ මෙම වසරේ ගෙවී ගිය මාස දෙකක කාලය තුළදී පමණක් දුම්රියේ ගැටී 67 දෙනෙක් මියගොස් ඇති බවය.

දුම්රිය අනතුරුවලින් රටේ වැඩි පිරිසක් මරණයට පත්වන්නේ දුම්රිය මාර්ගයේ ගමන් කිරීමේදීය.

වැඩිම පිරිසක් දුම්රිය මාර්ගයේ මිය යන ස්ථානය ලෙස හදුනාගෙන ඇත්තේ කොල්ලුපිටියත් බම්බලපිටියත් අතර කොටසය.

එම මාර්ග කොටස මගීන්ට ගමන් කරන්නට නොහැකි වන ලෙස දැල් ආවරණ යොදන්නටද මේ වන විට දුම්රිය බලධාරීන්ගේ අවධානය යොමු වී හමාරය.

අනාරක්ෂිත දුම්රිය පිවිසුම් මාර්ග වලදී වාහන ගැටීමෙනුත් දුම්රිය මාර්ගයේ ගමන් කිරීමේදි දුම්රියේ ගැටීමෙනුත් පසුගිය දස වසර තුළ අපේ රටේ ජීවිත 2011ක් විනාශ වී ඇති ආකාරය පොලිස් මූලස්ථා සංඛ්‍යා දත්ත විශ්ලේෂණයෙන් පෙනී යන්නේ මෙසේය.

මූලාශ්‍ර – පොලිස් මූලස්ථානය

දම්පත් රණසිංහ

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා