අප්‍රිකානු කලාපයේ ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියාත්මක රටවල් 47 අතරින් රටවල් 20කට ආසන්න සංඛ්‍යාවකට මේ වන විට කොවිඩ්-19 වසංගතය පැතිරී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර සිටී.
මේ අනුව දුර්වල සෞඛ්‍ය සේවාවක් සහිත ඇතැම් රටවල්වල මෙම මෙම වසංගතය වේගයෙන් පැතිර යා හැකි බවත් එය ඉතා අවදානම් සහගත තත්වයක් වනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ආදනම් මහතා මාධ්‍ය වෙත අද සඳහන් කර ඇත.
මේ අනුව අවධාරණය කරන්නේ දේශසීමා ඉක්මවමින් පැතිර යන මේ ගෝලීය වසංගතයට ලෝකයේ සියලුම රටවල් එකා මෙන්ව මුහුණ දීමට ලැහැස්ති විය යුතු බවද අධ්‍යක්ෂකවරයා සඳහන් කර ඇත