කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉන්දීය රජය විසින් ගෙන ඇති දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් එරට තුල දැඩි රැකියා අර්බුදයක් මතුවෙමින් ඇති බව ඉන්දීය මාධ්‍ය පෙන්වාදේ.
මේ අනුව පසුගිය සතියේ ඉන්දීය රජය ක්‍රියාත්මක කල ‘ලොක් ඩවුන්’ ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වනවිට එරට අනියම් සේවකයින් මිලියන ගණනකට රැකියා අහිමි වී ඇත.
ඉන්දියාව මෙසේ රටම වසා දැමීමේ ක්‍රියාමාර්ගය ආරම්භ වූයේ පසුගිය සතියේ වන අතර මේ හේතුවෙන් නගරවල විවිධ රැකියාවල නිරත වී සිටි සිය දහස් ගණනක් මේ වනවිට නගර අත්හැර දමා ඔවුන්ගේ ගම්බිම් බලා පාගමනින්ම යෑම ආරම්භ කර ඇත.
ඔවුන්ගෙන් බොහෝදෙනා සතුව ආහාර හෝ මුදල් දනොමැති බවද ඉන්දීය මාධ්‍ය පෙන්වාදෙ