නවතම පුවත්

අපේ යහපතට නව පර්යේෂණ කළ වෛද්‍යවරුන් තිදෙනෙක්

අසංක

අසංක

වෛද්‍ය තමර කළුබෝවිල,වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය දුලාන් සමරවීර මහත්වරු වෛද්‍ය පරිපාලකයන්ගේ සංගමයේ 26 වැනි වාර්ෂික සැසිවාරයේදී ඇගයීමට ලක් කර ඇත.

හොරණ මුලික රෝහලේ දැනට ක්‍රියාත්මක වැඩිහිටි සායන ව්‍යාපෘතිය මෙහිදී ඉදිරිපත් කරන ලද්දේ එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා විසිනි.

වැඩිහිටියන්ගේ බෝනොවන රෝග සදහා මාසිකව ලබාදෙන සායනික ඖෂධ ගමට ගොස් වෛද්‍යවරුන් පරීක්ෂා කර ලබාදීම මෙම වැඩපිළිවෙලේ ක්‍රියාදාමය වෙයි.

මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා විසින් පරිගණක මෘදුකාංගයක් භාවිත කරමින් රෝහල් ආහාර කළමණාකරණ පද්ධතියකට අදාල ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය වසින් රෝගීන්ට ආහාර ලබාදීමේ ක්‍රමවේදයට අදාලව නිකුත් කර ඇති චක්‍රලේඛය හේතුවෙන් මතුවන ඇතැම් ප්‍රායෝගික ගැටලු මඟහැරවීමේ අරමුණින් මෙම මෘදුකාංගය මගින් රෝගීන්ට පෞද්ගලික රෝහලක ආහාර ලබාදෙන ආකාරයට ආහාර ලබාදීම සිදුවෙයි.

මෙම ව්‍යාපෘතිය මේ වන විට මහනුවර මහ රෝහලේ ක්‍රියාත්මකයි.

අනුරාධපුර මහ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ දුලාන් සමරවීර මහතා විසින් නව පර්යේෂණ වාර්තා 04 ක් ඉදිරිපත් කළේය. මුහුදු රැළි වලින් විදුලිය නිෂ්පාදනය කිරීමේ යන්ත්‍රයක්, රෝහල් වාට්ටුවල කසල ඉවත් කිරීමේ රථයක්, රෝගීන් ප්‍රවාහනය කිරිම සදහා දුණු සහිත ට්‍රොලියක් සහ ජංගම ශ්වසන යන්ත්‍රයකට අදාල ව්‍යාපෘති වාර්තා ඊට අදාල වේ.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අදාල වෛද්‍යවරුන්ට තිළිණ හා සහතික පත්‍ර ප්‍රදානය කළේය.

රමේෂ් වරල්ලෙගම

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා