නවතම පුවත්

විශ්‍රාමිකයින් ඖෂධ ලබාගැනීම සහ විශ්‍රාම වැටුප් ගැනීමට රජයෙන් පහසුකම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

විශ්‍රාමිකයින්ට අවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා දින 3කට ඖෂධ අලෙවිසැල් විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව හෙට(02) අනිද්දා (03) සහ මාර්තු 6 වන දින මෙම අලෙවිසැල් විවෘතව තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

විශ්‍රාමිකයින් සඳහා රජය විසින් හෙට සහ අනිද්දා විශ්‍රාම වැටුප් ලබා දීමට කටයුතු යොදා ‍තිබේ.

මේ අතර යුද හමුදාපතිවරයා පවසා සිටියේ, හෙට සහ අනිද්දා ත්‍රිවිධ හමුදාව විසින් ජ්‍යෙෂ්ඨ පුරවැසි විශ්‍රාමිකයින්ට බැංකු වෙත යෑමට අවශ්‍ය ප්‍රවාහන කටයුතු සලසා දී තිබෙන බවයි.

එම කටයුත්ත ‍ග්‍රාම නිලධාරී කොට්ඨාස හා එකතු වී සංවිධානය කරන බවත් යුද හමුදාපතිවරයා මෙහිදී පැවසීය.

මේ අතර ඖෂධ අලෙවිසැල් සඳහා ගමන් ගන්නා විශ්‍රාමිකයින්ට තම විශ්‍රාමික හැඳුණුම්පත ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිතා කළ හැකි බව පොලීසිය පවසයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා