ඇදිරිනීතිය කඩකොට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන අද වනවිට 11000 ඉක්මවා තිබේ.
මෙම කාලය තළ වාහනද 325ක් පොලිස් භාරයට ගෙන තිබේ.
අද අළුයම 6.00න් අවසන් වූ පැය 24තුළ පමණක් ඇදිරි නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 1264 දෙනෙක්අත්අඩංගුවට ගෙන ඇත.
දිනක් තුළ ඇදිරි නීතිය කඩකිරීම් සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් වැඩිම පිරිස මෙයයි.
අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට එරෙහිව නඩු පවරන බව පොලිස් නීති අංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා අවධාරණය කරයි.