නවතම පුවත්

කුඹුරුවල යාන්ත්‍රික පතල් කැපීමට අවසර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කුඹුරු ඉඩම්වල යාන්ත‍්‍රික පතල් කැපීමට යළි අවසර දීමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පියවර ගනී.

කුඹුරු ඉඩම්වල යාන්ත‍්‍රික පතල් කැපීමට අවසර නොදෙමින් නිකුත් කළ 24/2018 දරන ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ චක‍්‍රලේඛයට සංශෝධනයක් එක්කරමින් 2019 පෙබරවාරි මාසයේ නිකුත් කළ 24/2018 (සංශෝන) චක‍්‍රලේඛයෙන් එකී අවසරය ලබාදී ඇත.

ඒ අනුව මුල් චක‍්‍රලේඛයේ 9 වන වගන්තියේ කොන්දේසිය මගින් සඳහන් කර තිබූ ‘සාර්ථක ලෙස වගා කළ හැකි කුඹුරු ඉඩම් සඳහා මේ යටතේ යන අවසර ලබාදීම සිදු නොකළ යුතුය’’ යන්න ‘‘ සාර්ථක ලෙස වගා කළ හැකි කුඹුරු ඉඩම් සඳහා යාන්ත‍්‍රිකව පතල් කැනීමට අවසර  ලබාදීම සිදුකරන්නේ නම් එම කාර්ය නිසා අවට ඇති කුඹුරු ඉඩම් වල වගා කටයුතු වලට බාධාවක් සිදු නොවන බවට ක්ෂේත්‍ර පරීක්‍ෂණයක් මගින් තහවුරු කරගත යුතුය’’ යන්න ගොවිජනසේවා කොමසාරිස් ජනරාල් ඩබ්.එම්. එම්.බී. වීරසේකර මහතාගේ අත්සනින් යුතු ලිපියකින් සංශෝධන කර ඇත.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ කුඹුරු පුරන්වීමට ප‍්‍රධාන හේතුව යාන්ත‍්‍රික මැණික් කැනීම හෙවත් බැකෝ යන්ත‍්‍ර යොදා පතල් කැපීම විය. රත්නපුර දිසාවේ කුඹුරු අක්කර 50,052කින් අක්කර 1,644ක් යළි කිසිදා වගා කළ නොහැකි කූඹුරු බවට පත්ව ඇති බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ පුරන් කුඹුරු ප‍්‍රමාණය අක්කර 8,745ක් බවට හදුනාගෙන ඇති අතර ඒ පුරන් කුඹුරු යළි අස්වැද්දීමට ගොවීන් උනන්දු වෙද්දී කුඹුරුවලට විනාශය ගෙනා බැකෝ ඇතුළු යන්ත‍්‍ර යොදා මැණික් ගැරීමට අවසර දීමෙන් ගැටලූ රැසක් මතුව ඇති බව ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.

මැණික් ව්‍යාපාරිකයන් සහ මැණික් පතල්කරුවන් සමග රත්නපුරේ දේශපාලන අධිකාරියේ නියෝජිතයන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග කළ සාකච්ජාවලින් පසුව යාන්ත‍්‍රික මැණික් කැනීමට යොදා තිබූ තහනම ඉවත් කිරිමට පියවර ගෙන ඇති බව ගොවිජනසේවා දෙපාර්තමේන්තුව පවසයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා