නවතම පුවත්

MSC Magnifica නෞකාවේ සිටි ශ්‍රි ලාංකේය නැවියා බේරාගනී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලෝක සවාරියේ යෙදෙන MSC Magnifica සුඛෝපභෝගී ඉතාලි නෞකාවේ සිරවී සිටි ශ්‍රි ලාංකේය නැවියා අනුර බණ්ඩාර හේරත් අද උදෑසන නාවික හමුදා භාරයට ගෙන මේ වනවිට නිරෝධායනයට යොමු කිරීමේ කටයුතු සදහා ක්‍රියාත්මක වී සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කොමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර ද කළම්බො එක්ස්ප්‍රස් කළ විමසීමේදී පැවැසීය.
අදාල නැවියා සමාජ මාධ්‍ය ඔස්සේ කළ ඉල්ලීම සලකා බැලු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, සේනාධිනායක ලෙස නාවික හමුදාවට අදාල ශ්‍රි ලාංකේය නැවියා බේරාගෙන රට තුළට ගන්නැයි නියෝග ලබා දී තිබිණි.
කිසිදු රටක වරායකින් භාරනොගත් මෙම සුඛෝපභෝගී නෞකාව නැවත ඉතාලිය බලා යාත්‍රා කරමින් තිබෙන නිසා, අනුර බණ්ඩාර හේරත් නැවියා කොළඹට ආසන්න මුහුදේදි නාවික භාරයට නොගත්තේනම් ඔහුට අදාල නෞකා කාර්ය මණ්ඩලය සමග ඉතාලිය බලා යාමට සිදුවනු ඇත.
අනුර බණ්ඩාර හේරත් මෙයට දින කිහිපයකට පෙර තමන් ශ්‍රී ලංකාවට බාර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් කරුණිකව ඉල්ලා තිබිණි. ඒ අනුව ජනාධිපිවරයා සහ අගමැතිවරයා සාකච්ඡා කොට අදාල නියෝගය ලබා දී තිබේ.
නෞකාවට ඉන්ධන සපයා ගැනීම සඳහා අද අලුයම 6.00 ට පමණ ශ්‍රි ලංකාවට ආසන්න මුහුදේ පැය 3 ක පමණ කාලයක් නැංගුරම්ලා තිබෙන කාලය තුළදී මෙම නැවියා බේරාගෙන තිබේ.

මෙම නෞකාවේ මගීන් 2700 ක් පමණ සිටින අතර ඔවුන් කිසිවෙකුටත් මේ දක්වා කොරෝනා වසංගතය වැළදී නැතැයි සදහන්ය. පසුගිය ජනවාරි මස 5 වෙනිදා ලෝක සවාරිය ඇරඹු මෙම නෞකාව කොරෝනා වසංගතය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේදි සිය ඉදිරි ගමනාන්තය නවතා දැමීමට පියවර ගෙන ඇත.
ලෝකයේ කිසිදු රටක වාරයකින් මෙම නෞකාව බාර නොගැනීම ඊට හේතුවයි.
නෞකාවේ මව් ශාඛාව පිහිටා තිබෙන ඉතාලිය බලා නැවත නෞකාව පිටත් විම ආරම්භ කර මේ වන විට දින 25 ක් ක කාලයක් ගතවී තිබේ.
අපි නෞකාව කොළඹ වරායට පිටතින් ගැඹුරු මුහු‌දේ රදවා අදාල ශ්‍රි ලාංකේය නැවියා බේරා ගනු ලැබුවා යැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පැවැසීය.

අදාල නැවියා බොහෝ දුරට බුස්ස නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කරනු ඇතැයි සදහන්ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා