නවතම පුවත්

ඕනෑකරන බඩු ටික ගෙදරටම ගෙන්න ගන්න සුපිරි පොලක්

අසංක

අසංක

දිවයින පුරා ජනතාවට අපහසුවකින් තොරව, සාධාරණ මිලකට ආහාර පාන ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙන්වා ගැනීම සඳහා, සුපිරිපොල (www.supiripola.lk) නමින් නවතම අන්තර්ජාල වෙබ් අඩවියක් ආරම්භ කිරීමට සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් ආයතනය පියවර ගෙන ඇත.

සුපිරිපොල වෙබ් අඩවිය හරහා ශ්‍රී ලංකාවේ ඈත දුෂ්කර ගම්මානවලට පවා තම සේවය විධිමත් ලෙස ලබාදීමට සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් ආයතනය බලාපොරොත්තුවන අතර ඒ සඳහා චන්ද්‍රිකා තාක්ෂනය, රොබෝ තාක්ෂනය මෙන්ම ඉහලම පරිඝනක තාක්ෂණයද උපයෝගී කරගැනීමට සැලසුම් කර ඇත.

අත්පිට මුදලට මෙන්ම අන්තරජාල ගෙවීම් , ක්‍රෙඩිට් කාඩ් , ඩෙබිට් කාඩ් යන ඕනෑම අකාරයලින් ගෙවීම් කල හැකි පරිදි මෙම සේවාව සකස් කර ඇත.

එසේම විවිධ ආයතන හා සමාගම් වලට කූපන් ක්‍රමයක් යටතේ ඉතා පහසුවෙන් මුදල් භාවිතා නොවන අකාරයේ ගනුදෙනු ක්‍රම හරහා මෙම සුපිරිපොළ හා එක්විය හැක.

එහිදී එම ආයතන වල සේවක සේවිකාවන් හට අවශ්‍ය භාණ්ඩ තොග ඉතා සහන මිලකටද ලබාගැනීමේ අවස්ථාව උදාවේ.

මෙම සුපිරිපොල වෙබ් අඩවියේ මූලික පියවර කොළඹ ආශ්‍රිත ප්‍රදේශයෙන් ආරම්භ කෙරෙන අතර සතියක් වැනි කෙටි කාලසීමාවක් තුල මුළු දිවයිනම ආවරණය කිරීමට එම සේවාව සැලසුම් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්