චීනයේ කොරෝනා මරණ 0ට බහී – සංචාරයට වූහාන් යළි ඇරේ

Picture of අසංක

අසංක

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පිළිබඳ සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පළමු වතාවට චීනය පසුගිය පැය 24 තුළ නව මරණ කිසිවක් වාර්තා කර නොමැති බව එරට වාර්තා අනාවරණය කරයි.

මෙම සන්ධිස්ථානය සනිටුහන් වන්නේ වෛරසය මුලින්ම මතුවූ චීන නගරය වන වුහාන් හි සියලු සංචාරක සීමාවන් ඉවත් කිරීමට රට සූදානම් වන පසුබිමකදී ය.

ඒ මාස දෙකක වූහාන් වසාදමා තිබීමකින් පසුවයි.

කෙසේවෙතත් පසුගිය 4 වැනිදා ද හුවැන්ග්ෂැංග් හා අන්හුයි යන සංචාරක අතින් ප්‍රසිද්ධ ස්ථාන මුව ආවරණ පැළඳගත් ජනතාවගෙන් කාර්හ බහුල වී තිබීම ඇතැම් රටවල චෝදනාවට ලක්වූවක් විය.

හුවැන්ග්ෂැංග් කඳුකර උද්‍යානයට ඊයේ පෙරවරු 7.48 වනවිට බලධාරීන් විසින් දැන්වීමක් ප්‍රදර්ශනය කරතිබුණේ දෛනික නියමිත සංචාරකයන් සංඛ්‍යාව වන 20,000ක් ඒ වනවනවිටත් පැමිණ ඇති බැවින් ඊයේ දිනට සංචාරකයන් තවදුරටත් ඇතුළු කර නොගන්නා බවයි.

වුහාන් ප්‍රදේශයෙන් කොරෝනා වයිරස් රෝගීන් 50,000 කට වඩා වාර්තා විය.

හුබෙයි හි අවම වශයෙන් පුද්ගලයින් 3,000 ක් පමණ මෙම රෝගයෙන් මිය ගියහ.

ඊයේ දිනයේ හුවැන්ග්ෂැංග් කඳුකර උද්‍යානය දිස්වූ අයුරු