මෙරට කොරෝනා මරණ 6යි

Picture of අසංක

අසංක

මෙරට තුළ සිදුවූ කොරෝනා මරණ ගණන 6 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය පවසයි.

මෙරටින් හමුවූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 178කි.

මේ වනවිට කොරෝනා ආසාදිතයින් 134ක් ප්‍රතිකාර ලබමින් සිටින අතර තවත් 257 දෙනෙකු අධීක්ෂණයට ලක්කරමින් පවතී.

රෝහල්වල ප්‍රතිකාර ලැබූ 38 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.