නවතම පුවත්

කිසිඳු විදේශගත ශ්‍රී ලාංකිකයෙක් තනි කරන්නේ නැහැ.

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා ව්‍යසනයත් සමග ඊට මැදිවී සිටින විදේශගත ශ්‍රීලාංකිකයින් පිළිබඳව ශ්‍රී ලංකා රජය අවධානයෙන් සිටින බවත්, ජාත්‍යන්තර නිසි ක්‍රමවේදයන්ට අනුව ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට අවස්ථාව උදාවූ පසු ඒ සඳහා කටයුතු කරන බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඉතාලියට අයත් Msc මැග්නිෆිකා මගී නෞකාවේ සූපවේදියෙකු ලෙස සේවය කළ අනුර බණ්ඩාර නැමැති ශ්‍රී ලාංකිකයා අන්තර් ජාලය ඔස්සේ ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමට අනුව එම නෞකාව සේවා සැපයුම් ලබා ගැනීමට කොළඹ වරායට ළගා වූ වහාම නිසි ක්‍රමවේදයන්ට අනුව ඔහු එම නෞකාවෙන් ලබා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කළ බවද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පවතින තත්ත්වය හමුවේ ⁣විදේශගතව සිටින ශ්‍රීලාංකාවට නැවත පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයින්ද අවස්ථාවක් ලැබුණු පසු ජාත්‍යන්තර ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුව ඔවුන් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද පැවසීය.

ලොව පවතින තත්වය හමුවේ මේ අවස්ථාවේ විදේශගතව සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට ක්‍රමවේදයක් නොමැති බවත් සඳහන් කළ අගමැතිවරයා, වගකිවයුතු රජයක් හැටියට විදේශගත කිසිඳු ශ්‍රී ලාංකිකයෙක් නති නොකරණ බවත් අවධාරණය කළේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි