නවතම පුවත්

ඇස් කණ්නාඩි ගන්න පානදුරේට නව Spexbay ශාඛාවක් විවෘතවේ.

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ‍්‍රී ලාංකීය ඇස් කණ්නාඩි සහ අව් කණ්නාඩි (eyewear) නිෂ්පාදන වෙළෙඳ කර්මාන්තයේ මෑත කාලීනව ක‍්‍රියාත්මක වෙමින්, ඉතා ඉහළ ජන ප‍්‍රසාදයක් හිමි කර ගත් Spexbay, සිය දෙවන ශාඛාව පානදුර කේන්‍ද්‍ර කරගනිමින් පසුගියදා විවෘත විය. පානදුර ප‍්‍රදේශයේ ඇස් කණ්නාඩි සහ අව් කණ්නාඩි (sunglasses) විලාසිතා ප‍්‍රිය කරන්නන් සඳහා නව අත්දැකීමක් ලබා දෙමින් විවෘත කරනු ලැබූ මෙම ප‍්‍රදර්ශනාගාරය, නව විලාසිතාවන්ගෙන් සහ නවීන පහසුකම් වලින් සමන්විතය.

දේශීය ගණුදෙනුකරුවන් සඳහා උසස් තත්ත්වයේ ඇස් කණ්නාඩි සහ අව් කණ්නාඩි (eyewear) නිෂ්පාදන ආකර්ශණීය මිල ගණන් යටතේ ලබා දීමේ මූලික අරමුණින් ක‍්‍රියාත්මක Spexbay ආයතනය, රු.2000 සහ 3000 යන ආරම්භක මිල ගණන් යටතේ නිෂ්පාදන රැසක් හඳුන්වා දී ඇත.
තවද තාරුණ්‍යය ඉලක්ක කර ගනිමින් තරඟකාරී මෙන්ම නවීන මෝස්තරයන්ගෙන් යුත් නිෂ්පාදන පෙළක් හඳුන්වා දී ඇති අතර, මෙහිදී ‘ඔබ දකින්නේ කුමක්ද, එය ලබාගන්න’ යන සංකල්පය ඔස්සේ කිසිදු සැඟවුණු අයකිරීම් වලින් තොරව සාධාරණ මිල ගණන් යටතේ උසස් තත්ත්වයේ නිෂ්පාදන මිලදී ගැනීමේ අවකාශය සළසා දී ඇත.

සිය පාරිභෝගිකයන් කෙරෙහි නොමඳ විශ්වාසයක පිහිටා කටයුතු කරනා Spexbay ආයතනය, උසස් නිෂ්පාදන සිය පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙමින්, ඔවුනගේ ජීවන තත්ත්වය සහ අගය ඉහළ තත්ත්වයට පත් කිරීමටද සමත්ව ඇත. මෙයට අමතරව විවිධ වූ විලාසිතාවන් ප‍්‍රිය කරනා තරුණ්‍ය වෙනුවෙන් Jasper Kids, PolarSun, Rits Eyewear, John Leng, Vintage, Cuvis සහ Bausch + Lomb වැනි ප‍්‍රකට වෙළෙඳ නාමයන් යටතේ තාරුණ්‍යය ඔපවත් කරනා නිෂ්පාදන පෙළක් හඳුන්වා දී ඇති අතර, මෙම සියලූම උසස් තත්ත්වයේ නිෂ්පාදනයන් වගකීම් සහතික යටතේ මිලදී ගැනීමේ හැකියාව ද මෙමඟින් සළසා දී තිබේ.

ඇස් කණ්නාඩි සහ අව් කණ්නාඩි නිෂ්පාදන වෙළෙඳ ක්ෂේත‍්‍රයේ විශේෂඥයකු ලෙස Spexbay, පාරිභෝගිකයින් සඳහා සිය ආයතනය තුළම නොමිලේ ඇස් පරීක්‍ෂා කිරීමේ සේවාවක් ක‍්‍රියාත්මක කිරීමටද ඉදිරිපත්ව ඇත.

රමේෂ් වරල්ලෙගම

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්