කොවිඩ් -19 සෞඛ්‍ය සහ සමාජ සංරක්ෂණ අරමුදලට ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයෙන් සහ පොලිස් දෙපාර්තමේන්තුවෙන් රුපියල් කෝටි 06 මුදලක් පරිත්‍යාග කර තිබේ.
රුපියල් කෝටි පහක මුදලක් පරිත්‍යාගකර ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුව විසින් විශේෂ පොලිස් අරමුදලකිනි.
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සේවයේ නිරතව සිටින එක්දහස් දෙසිය දෙනෙක් විසින් රුපියල් කෝටියක මුදල පරිනමා තිබේ.
මෙම මුදල් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න සහ වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරු විසින් ජනපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත භාරදෙනු ලැබීය.