නවතම පුවත්

ලංකාවේ සිරි සරණ හිමිගෙන් දහම් රස විදින රුසියානු බෞද්ධයෝ

අසංක

අසංක

භවනාව කොතරම් පුරුදු පුහුණු කළ යුතුදැයි මෙරට බෞද්ධයන්ට පවා අමතකය. කාර්යබහුල යැයි දමාගන්නා රාමුවක භාවනාවට ඉඩක් නැත. නමුත් බටහිර රටවල් සහ අනෙකුත් විදෙස් රටවල්වල බෞද්ධාගමට බොහෝ දෙනෙක් නැඹුරුවන්නේ භාවනාව නිසාය. නමුත් ඔවුන්ට අවශ්‍ය දැනුම බෙදා හැරීමට තරම් ප්‍රමාණවත් යාන්ත්‍රණයක් තිබේදැයි සැක සහිතය.

www.thecolomboexpress.com වෙබ් අඩවියට නෙත ගැටුණු මෙම රූප රාමු පෙළ සහ වීඩියෝ දර්ශනය මෙරට වැඩසටහනක් නොව රුසියාවේ උරාල් ප්‍රදේශයට අයත්ය. වස්කඩුවේ සිරි සරණ හිමි උන්වහන්සේ ලබාගත් ධර්ම ඥානය මෙසේ රුසියානු බෞද්ධයන්ට බෙදා දීමට ඉදිරිපත්වීම ලාංකේය අපට ආඩම්භරයකි.

Posted by Bhante Waskaduwe Siri Sarana on Sunday, March 3, 2019

රුසියාවේ උරාල් ප්‍රදේශයේ වසරේ වැඩිහරියක් තද සීතලෙන් පිරි පලාතක් ලෙස ප්‍රකටය. එම ප්‍රදේශයේ බුදු දහම පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස වෙනුවෙන් දින දෙකක ප්‍රායෝගික වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක විය.

දින දෙකක් පුරා ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, හා භාවනා වැඩසටහන් ඊට අදාලව පැවැත්විණි. වැඩ සටහන පැවැත්වුනේ එක් බෞද්ධයකුගේ නිවසේය. ඔහු මෙන්ම අනිත් සැම දෙනාම පාහේ මහායාන බුදුදහම අනුගමනය කරන්නන් වුවද අනෙකුත් සම්ප්‍රදායන්වල දැනුම ප්‍රායෝගිකව ලබා ගැනීමට විවෘත වූවෝ වෙති.

මේ වැඩසටහනට රුසියානුවෝ 15 දෙනෙක් පමණ එක්ව සිටියහ. නිවසේ ඉඩකඩ මද නිසාවෙන් ඊට වැඩි පිරිසක් සහභාගී කර ගැනීමට නොහැකි වු බව දැනගන්නට ලැබිණි.

නිවස කාමර දෙකක නිවසක් වුවද ඉන් එක් කාමරයක් පූර්ණ කාලීන ආගමික කටයුතු සඳහා වෙන් කිරීමට තරම් නිවස හිමි අඹුසැමි යුවල සැදැහැවත්ය. පැමිණ සිටි හැමදෙනාම නිවන් අරමුණු කොට ඒ සඳහා ප්‍රතිපත්තියෙන් කටයුතු කරන්නෝ ය. නව දහම් පිපාසෙන් පෙලෙන්නෝය. ජිවිතය දහමට අනුව හැඩ ගසා ජීවත් වන්නෝය. සැබවින්ම ප්‍රයෝගික බොදුනුවන්ය. ඔවුන් ගැන මෙම ඡායාරූප පෙළ අප පෙළගස්වන්නේ ලංකාවේ අපටත් ආඩම්බරයක්වු වසකඩුවේ සිරි සරණ හිමියන්ගේ උතුම් ක්‍රියාව අගයනු පිණිසය. බෞද්ධයන් අතර මෙවැනි දෑ දැකීමට සැලැස්වීමත් ඔබ අප සැමගේ යුතුකමකි.

රමේෂ් වරල්ලෙගම

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්