නවතම පුවත්

මන්නාරමේ ඉඩම් අල්ලාගත් සිද්ධියක් ගැන රිෂාද්ගෙන් CIDය ප්‍රශ්න කරයි

අසංක

අසංක

දම්පත් රණසිංහ

රජයට අයත් මන්නාරමේ පිහිටි ඉඩමක් අත්පත්කර ගැනීමක් සම්බන්ධයෙන් හිටපු ඇමති රිෂඩ් බදියුදීන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (16) පැය 04 ක පමණ කාලයක් දීර්ඝ ලෙස ප්‍රශ්න කරනු ලැබීය.

එම ඉඩම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත්තේ කිරුළපන ඉසිපතන මාවතේ පිහිටි බදියුදීන් මහතාගේ හිතවතෙකුගේ නිවසකින් හමුවුණු ලැයැකියවිලි අතර වූ ඔප්පු අතර එම ඉඩමේද ඔප්පුවක් තිබීමෙනි. එහි ඉඩම් 250 ක පමණ ඔප්පු තිබී ඇති අතර වැඩි හරියක් ඔප්පු මන්නාරමේ පිහිටි ඒවාය. රජයේ ඉඩම් විවිධ ක්‍රම ඔස්සේ අත්පත්කර ගැනීම් මෙන්ම ජනතාවට අයත් ඉඩම් මිලදී ගත් ආකාරයේ ඔප්පු ඒ අතර තිබී ඇත.

එම ඔප්පුවලින් වැඩි හරියක් තිබී ඇත්තේ රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිදගේ නමිනි. තවත් ඔප්පු විශාල ප්‍රමණයක් රිෂාඩ් බදියුදීන් මහතාට සම්බන්ධ සමාගමක නමින් තිබී ඇත. ඉඩම් සංවර්ධනය කිරීමේ මුවාවෙන් එම සමාගම නමින් ඉඩම් අත්පත් කර ගැනීම් රැසක්ද කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් බදියුදීන් මහතාගෙන් ඉකුත් 14 වෙනිදාද දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබුණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා