ඡන්දෙට දිනයක් දී මිස, කල්දමන්න කොමිසමට බෑ – අගමැති

Picture of අසංක

අසංක

ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද දිනයට මහ මැතිවරණය පැවැත්විය නොහැකි නම් ඒ සඳහා දිනයක් නම්කොට මිස ඡන්දයක් කල්දැමීමට මැතිවරණ කොමිසමට බලයක් නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කරමින් නිවේදනයක් මගින් අගමැතිවරයා පෙන්වා දෙන්නේ අදාළ තීන්දුව ගැනීම උදෙසා මැතිවරණ පනතේ 24/3 වගන්තියට අනුව කටයුතු කළ යුතු බවයි.

කිසියම් අවස්ථාවක ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කොට ඇති දිනට මැතිවරණය නොපවත්වන්නේ නම් ඒ සඳහා දිනයක් නම් කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටින බව ද මෙහිදී අගමැතිවරයා සිහිපත් කර තිබේ.