සතුන් රැසකට කොරෝනා වැළඳෙන බව සොයාගැනේ

Picture of අසංක

අසංක

 

කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය බළලුන්, එළදෙනුන්, එළුවන්, ඌරන්, බැටළුවන්, මී හරකුන් සහ පරවියන් වැනි සත්ව වර්ග රැසකට වැළදෙන බවට චීන පර්යේෂකයින් පිරිසක් අණාවරණය කර ගෙන ඇත.

විවිධ සතුන් 251 දෙනෙකුගේ පෙනහළු ව්‍යුහයන් පිළිබඳව අධ්‍යයනය කරමින් මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ හුනාන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසකි.

ඔවුන්ගේ සොයාගැනීම් වලට අනුව, වවුලන්, කැබැල්ලෑවන් සහ මිනිසුන්ට අමතරව වෛරසය අවම වශයෙන් තවත් ජීවීන් දහයකටවත් ආසාදනය කිරීමේ හැකියාවක් ඇති බව අනාවරණ කර ගෙන ඇත.

මිනිසුන්ගෙන් ක්ෂීරපායීන්ට මෙම වෛරසය සම්ප්‍රේෂණය වීමෙන් එය නැවතත් වෙනස් වී පෙර ඇතිවූ තත්ත්වයට වඩා මාරාන්තික අයුරින් මිනිසුන්ට ආසාදනය වීමේ හැකියාවක්‌ ඇති බව පර්යේෂකයින් අනතුරු අඟවා සිටි

මෙම පර්යේෂණයේදී අනාවරණය වී ඇති තවත් සුවිශේෂී කරුණක් වන්නේ කොවිඩ් වෛරසය හමුවූ වවුලන්ගෙන් සෘජුවම මිනිසුන්ට එය සම්ප්‍රේෂණය වී නොමැති බවයි.

එම වෛරසය වැළදුණු කැබැල්ලෑවන් ගෙන් එය මිනිසුන්ට සම්ප්‍රේෂණය වීමට වැඩි ඉඩක් ඇති බවට සැක කෙරෙ. ඊට හේතුව වන්නේ වෛරසයේ ව්‍යාප්තිය ආරම්භය බවට සැලකෙන වුහාන් වෙළදපලේ කැබැල්ලා මස් බහුල ලෙස විකිනීමට තිබීමයි