සිල්ලරට මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ඇඳිරිනීතිය ලිහිල් කරන කාලය තුළදී විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන , ඒ ඒ ප්‍රදේශවල ඇඳිරිනීතිය ලිහිල් කරනු ලබන කාල සීමාවන්ට යටත්ව එකී බලපත්‍ර විවෘත කිරීමට නියමිත වේලාවන් තුළදී පමණක් නැවත විවෘත කිරීමට අවසර ලබා දී ඇත.
මුදල් , ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වරයාගේ උපදෙස් පරිදි සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා විසින් ඇඳිරිනීති විධිවිධාන හා සමාජ දුරස්ථභාවය ඇතුළු කොවිඩ් – 19 වැලැක්වීමේ සෙසු ආරක්ෂිත හා සෞඛ්‍ය විධි පිළිපැදීමේ කොන්දේසියට යටත්ව මෙම අවසරය ලබා දී ඇත .
එකී කොන්දේසියට අනුව කටයුතු කිරීමට අපොහොසත් වන සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සම්බන්ධයෙන් සුදුසු නෛතික පියවර ගැනීමටත් , මත්පැන් කර්මාන්තය සම්බන්ධයෙන් උපරිම මට්ටමේ කර්මාන්ත විනයක් පවත්වා ගැනීමටත් , කටයුතු කිරීමට සියළුම සුරාබදු නිලධාරීන් වෙත මේ වනවිටත් අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.