කොරෝනා වසංගතය මැඩලීමට ලෝකය දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් කල යුතුයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වසංගතය මැඩලීමට ලෝකය දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් කල යුතුව ඇති බව ඔස්ට්‍රේලියාව අවධාරණය කර සිටී
‘විශේෂයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලෝක ප්‍රජාව ඊට ප්‍රතිචාර දැක්වූ ආකාරය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් කළ යුතු යැයි ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර මාධ්‍ය වෙත අද අවධාරණය කර ඇත
‘‘වයිරසය ව්‍යාප්ත වූ ආකාරය, ඊට ලෝකය දැක්වූ ප්‍රතිචාර, වයිරසය සම්බන්ධයෙන් තොරතුරු බෙදාහදාගත් ආකාරය යනාදිය ගැන සොයා බලන්න ඕනෑ’’ යැයි එරට විදේශ අමාත්‍ය මරීස් පෙයින් මෙහිදී ප්‍රකාසහ කර ඇත,
තොරතුරු හුවමාරු කරගත් ආකාරයේ විවෘත බව සම්බන්ධයෙන් විමසා බැලිය යුතු යැයි ද ඇය මෙහිදී සඳහන් කර ඇත