නවතම පුවත්

“වසරක් ගෙවලත් පාස්කු ප්‍රහාරයේ පැහැදිලි තොරතුරක් නැහැ” – මල්වතු අනුනාහිමි

අසංක

අසංක

නදීක දයා බණ්ඩාර – මහනුවර

පාස්කු ප්‍රහාරයට වසරක් ගතව තිබුණද ඒ සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු අද දක්වාම දැන ගන්නට නොහැකි වීම බලවත් වේදනාවට කරුණක් බව මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියෝ පවසති.

එම ප්‍රහාරයෙන් පීඩාවට පත්වූ පිරිස් අද දක්වාම වේදනාවෙන් කාලය ගතකරන බවත් ඔවුන් සියලු දෙනාට බෞද්ධ ජනතාවගේ ඉමහත් සංවේගය පලකරන බවත් උන්වහන්සේ කීහ.

ඇතැම් පිරිස් දුරදිග කල්පනා නොකර වැරදි මාර්ග වලට යොමුව ව්‍යාකූල මානසිකත්වයෙන් ඇති කරනු ලබන ව්‍යසන ක්‍රියා මානව ඉතිහාසය පුරා දක්නට ලැබෙන බවත් ජීවත්වන සියලු දෙනා කෙරෙහි යහපත සැලසීම සෑම ආගමකම පදනම බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

පාස්කු ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේ කතෝලික ජනතාව ඉවසීමෙන් හා වගකීමෙන් යුතුව කටයුතු කළ ආකාරය අගය කළ යුතු බවද උන්වහන්සේ කීහ.
සෑම දෙනාටම යහපත සලසමින් සෑම දෙනාගේම ජීවිත අගය කරමින් කටයුතු කිරීම මනුෂ්‍යත්වයේ වගකීම බවත් බෞද්ධයින් ලෙස අප මෙවැනි අවස්ථාවක ලෝක ධර්මතාව සිහිපත් කරමින් සාර්ථක උදාර ජීවිත තුළින් මානව වර්ගයාටත් මුළු මහත් සත්ත්ව වර්ගයාටත් ලබාදිය යුතු වටිනාකම් පිළිබඳ අවබෝධය ඇති කරගත යුතු බවත් අනුනාමි හිමියෝ පැවසූහ.

කාදිනල් තුමා ප්‍රකාශයක් නිකුත් කරමින් සියලු ආගමික බැතිමතුන් සංවේගය ප්‍රකාශ කර අභාවයට පත්වූවන්ගේ මතුභවයන් සැපවත් කිරීමට පින් අනුමෝදන් කිරීමේ වගකීම පෙන්වා දී තිබෙන බවත් බෞද්ධ සම්ප්‍රදායානුකූලව අප සත්පුරුෂයන් ලෙස එම කටයුතු ඒ ආකාරයෙන්ම කළ යුතු බවත් උන්වහන්සේ කීහ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි