නවතම පුවත්

ජපානයේ ආදායම් අහිමි වූ ලිංගික ශ්‍රමිකයින්ටත් ආධාර

අසංක

අසංක

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මේ වනවිට සිය ආදායම් මාර්ග අහිමිව ගොස් ඇති ලිංගික ශ්‍රමිකයින්ට ආධාර මුදලක් ලබාදීමට ජපාන රජය තීරණය කර ඇත.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණදෙන ජනතාව වෙනුවෙන් ජපන් රජය වෙන් කර ඇති විශේෂ සහන අරමුදල හරහා මෙම ආධාර ලබාදීමටද ජපන් රජය සැලසුම් කර ඇත.

කෙසේ වෙතත් දැනට ජපානය තුල නීතියෙන් අවසර ඇති ලිංගික සේවාවන් සපයන පිරිසට පමණක් මෙම ආධාර ලබාදීමට ජපාන රජය දැනට තීරණය කර ඇත.

මෙම ලිංගික ශ්‍රමිකයින්ගේ ආදායම් මාර්ග මේ වනවිට සම්පූර්ණයෙන් ඇණහිට ඇති බැවින් මෙම ආධාර ලබාදීමේ වැඩසටහන ආරම්භ කල බව ජපාන රජයේ ප්‍රකාශකයකු එරට මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

එසේම මෙම ලිංගික ශ්‍රමිකයින් නීති විරෝධී ලෙස මේ දිනවල ගණිකා වෘතියේ නිරතවුවහොත් ඒ හරහා වෛරස ව්‍යාප්තිය වැඩි විය හැකි බවද රජයේ ප්‍රකාශකයා මෙහිදී සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ජපාන රජයේ මෙම තීරණයට සංවිධාන කිහිපයක විරෝධය එල්ලවී ඇති බවටද තොරතුරු වාර්තාවේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි