නවතම පුවත්

‘බාර් ඇරීම අනුමත කරන්න බෑ’- ADIC

අසංක

අසංක

කොරෝනා තර්ජනයට රට මුහුණ පා සිටින මේ මොහොතේ සුරා සල් විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණය කිසිසේත්ම අනුමත කල නොහැකි බව දුම්කොළ සහ මධ්‍යසාර පිලිබඳ තොරතුරු ආයතනය (adic ) අවධාරණය කර සිටී .

කොවිඞ් වසංගතය පරාජය කිරීම සඳහා විද්‍යාත්මක පදනමක සිට ක‍්‍රියාත්මක වෙම්න් තිබුණු රජය ඒ සියලූ විද්‍යාත්මක පදනම් පසෙකලා සුරා සැල් විවෘත කිරිමට හදිසියේ තීරණය කිරීම සම්භන්ධව විමතියට පත්වන බවද එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත .

එම ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ පුබුදු සුමනසේකර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ .

ප‍්‍රජා වෛද්‍ය විශේෂඥයන් විසින් ඉදිරිපත් කර තිබු කොවිඞ් උවදුරෙන් නිදහස් විමේ උපාය මාර්ග වලද , සුරාසැල් විවෘත නොකළ යුතු බව හොදින්ම අවධාරණය කර තිබිණි.

එම .විශේෂඥ අදහස් වලට විරුද්ධව සුරාසැල් විවෘත කිරීම තුළින්,

x මද්‍යසාර අලෙවි කරන ස්ථාන වල තදබදයක් ඇති විය හැකි බැවින් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට නොහැකි වීම.

x මද්‍යසාර භාවිතය බොහෝවිට සිදුකරන්නේ කණ්ඩායමක් සමග බැවින් සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමට නොහැකි වීම.

x මද්‍යසාර භාවිතය ශරීර ප‍්‍රතිශක්තිය අවම කරන බැවින් මද්‍යසාර භාවිතාකරන්නන්ට කොරෝනා වැළඳීමේ වැඩි අවධානමක් ඇතිවීම.

x මද්‍යසාර භාවිතය නිසා මාර්ග අනතුරු ඉහළ යා හැකි බැවින් එය රෝහල්වල කාර්යය මණ්ඩලයට සහ ආරක්ෂක අංශ වලට අනවශ්‍ය පීඩනයක් ඇති කිරීම.

x මද්‍යසාර භාවිතය මුවාවෙන් සිදු කරන ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය සහ පුද්ගල කලකෝලාහල ඉහළ යෑමක් ඇති වීමට ඉඩ ඇති බැවින් ආරක්ෂක අංශ වලට සහ රෝහල්වල කාර්යය මණ්ඩලයට අනවශ්‍ය පීඩනයක් ඇති කිරීම.

x අඩු ආදායම් ලාභින් තම අතේ ඇති සිමීත මුදල් මද්‍යසාර වෙනුවෙන් වියදම් කිරීම නිසා සමස්ත පවුලම දැඩි පීඩනයකට ලක්වීමේ ගැටලූව තව දුරටත් උත්සන්න කරවන බව පැහැදිලිය.

කොවිඞ් වසංගතය පරාජය කිරීම සඳහා විද්‍යාත්මක පදනමක සිට ක‍්‍රියාත්මක වෙම්න් තිබුණු රජය සියලූ විද්‍යාත්මක පදනම් පසෙකලා සුරා සැල් විවෘත කිරිම කිසිසේත් අනුමත කල නොහැක. මෙම ව්‍යාපාර පිටුපස සිටින වෙළද ප‍්‍රජාවල ඇතැමි රාජ්‍ය නිළධාරින් සහ ඇතැම් දේශපාලඥයන් ජනාධිපතිතුමන් ගෙන යන වැඩපිළිවෙළ අකර්මණ්‍ය කිරිමේ කුමන්ත‍්‍රණයෙන්, රටත් ජනතාවත් බේරාගැනීමට ජනාධිපතිතුමා කඩිනමින් කටයුතු කරනු ඇතැයි අප බලාපෙෙරොත්තු වෙමු.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා