නවතම පුවත්

පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගැන කාදිනල්තුමාගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලයි

අසංක

අසංක

 

රජය හරහා ප්‍රහාරයේ වින්දිතයින්ට ලැබී ඇති යුක්තිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ලිඛිත පැහැදිලි කිරීමක් ජනතාව වෙත ඉදිරිපත් කරන ලෙස කතෝලික විභාවනයේ සභාපති චිරන්ත ආර් ඇන්තනි අමරසිංහ කාදිනල් මැල්කම් රංජිත් අගරුදගුරුතුමාගෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම ඉල්ලීමට අදාල ලිපිය පහතින් දැක්වෙයි.

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,
කොළඹ අගරදගුරු,
අගරදගුරු මැදුර,
බොරැල්ල,
කොළඹ 8.

අතිඋතුම් කාදිනල් හිමිපාණනි,

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සිදුවී වසරක් ගත වීම

පසුගිය 2019 වසරේ අප්‍රේල් මස 21 වන පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සිදුවී හෙට දිනට වසරක කාලයක් ගත වේ.

එම ත්‍රස්ත ප්‍රහාරය ගැන පැහැදිලි තොරතුරු හා අනතුරු ඇඟවීම් තිබියදී, ප්‍රහාරය වැලැක්වීමට හැකියාවන් අධියර කීපයක් තුල තිබියදී, ඒ සම්බන්ධයෙන් කිසිවක් නොකර සිට, ත්‍රස්ත ප්‍රහාරය සිදු වන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරීසේන මහතා රටේ ජාතික ආරක්ෂාව භාරව සිටිය දීය. ඒ පිළිබඳව තොරතුරු ඔහු දැන සිටියේ නෑ කියනා ප්‍රකාශය මෙරට කිසිවෙකුට පිලිගත නොහැකි වගකීම් විරහිත ප්‍රකාශයක් වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා හා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස් විසින් 2019 ජනාධිපතිවරණය සමයේ දී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය නම් මාතෘකාව ඍජුව දේශපාලන වාසියට යොදා ගනිමින් මැතිවරණය කිරීමට මා විරුද්ධ වූ අතර, එය නොබියව මා විවේචනය කලේය.

2019 වසරේ පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමේ රාජපක්ෂ දේශපාලන සැලැස්මට යම් වාසියක් සිදුවූ බවට සමාජ මතයක් ඉස්මතු වෙමින් තිබුණු පසුබිමක, මෛත්‍රීපාල සිරීසේන නීතිය ඉදිරියෙදී විමර්ශනයට සහ හෝ අත්අඩංගුවට පත් නොවී, රාජපක්ෂ රජයේ බලය තහවුරු කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කිරීම එම සමාජ මතයන් යම් ආකාරයකට තහවුරු කිරීමට හේතු වී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) ව්‍යවස්ථාව ප්‍රකාරව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරීසේන මහතාට එරෙහිව දැන් නඩු පැවරීමේ නෛතික ගැටලුවක් නොමැති බවට අපි විශ්වාස කරමු.

ජාතික ආරක්ෂක කවුන්සලයේ සම්ප්‍රදාය විකෘති කරමින් කටයුතු කර තිබුණේ ද, දේශපාලන අර්බුදවලට එය අඩපණ වීමට පවා ඉඩ දී තිබුණෙ ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරීසේන මහතා විසිනි. එය ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කරන ලද පාර්ලිමේන්තු කාරක සභාවේ දී ඔහු විසින්ම කරන ලද ප්‍රකාශවලින් පැහැදිලි වේ.

රාජපක්ෂ රජයේ සිංහල බහුතර ඡන්ද පදනම ආරක්ෂා කර ගැනීම සඳහා ඇතැම් පාර්ශවයන් විසින් රටතුළ ජාතිවාදී අන්තවාදී ආගම්වාදී සංකල්ප ඇවිස්සෙන ආකාරයෙන්, නිසි ක්‍රමවේදයකියන් තොරව විවිධ ක්‍රියාකාරකම් සිදුවන බවට සමාජ මතයක් ද සමාජයේ ඉදිරිපත්ව ඇත.

ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් BBC මාධ්‍ය ආයතනය විසින් පසුගිය දා කරන ලද විඩියෝ වාර්තාවක් තුලින් ප්‍රසිද්ධියට පත් විඩියෝ දර්ශන හරහා පැහැදිලි වන්නේ 2019 ත්‍රස්ත ප්‍රහාරය සිදු කෙරු පුද්ගලයන් ගැන 2015 වසරට පෙර සිටි රජය ද නිසියාකාරව හා සැලකිලිමත්ව කටයුතු කර නොමැති බවයි.

මෙවැනි පසුබිමක් තුල, ඔබවහන්සේ පසුගිය 16 වනදා ප්‍රකාශයක් සිදු කරමින් ප්‍රකාශ කරනු ලබන්නේ මෙම රජය යටතේ සිදු කරන ලද විමර්ශන ප්‍රගතිය හා අත්අඩංගුවට ගැනීම් ගැන ඔබ වහන්සේ සතුටට පත්වන බවයි. එලෙස ඔබවහන්සේ සතුටට පත් වන හේතුව, ආකාරය, හා මෙම රජය හරහා ප්‍රහාරයේ වින්දිතයින්ට ලැබී ඇති යුක්තිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ලිඛිත පැහැදිලි කිරීමක් ජනතාව වෙත ඉදිරිපත් කරන ලෙස අපි මින් ඉල්ලා සිටිමු.

ජේසු පිහිටයි,
මෙයට විශ්වාසී,
චිරන්ත ආර්. ඇන්තනි අමරසිංහ
සභාපති – කතෝලික විභාවනය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා