විනාඩි 2ක් නිහඬ වී අනුස්මරණය කරන්න- කාදිනල් හිමියෝ ඉල්ලති
අප්‍රේල් 21 වැනිදා පෙරවරු 8.45ට නිවෙස් වල සිට මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් සුරකමින් එම අනුස්මරණ අවස්ථාව සඳහා එක් වන ලෙස තමන් රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි ඉල්ලා සිටිති.
මෙම ප්‍රහාරයෙන් ජිවිත අහිමිවූ ලාංකිකයින් සිහිපත් කරමින් රටේ සියලු ආගමික ස්ථානවල එදින උදැසන 8.40 සිට මිනිත්තු දෙකක කාලයක් ඝාන්ඨාර නාද කරමින් මෙම අනුස්මරණ කටයුත්තට එක්වන ලෙසද එම ඉල්ලීමේ සදහන්ය.
එමෙන්ම උදෑසන 8.47 ට පහනක් දල්වමින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයට ගෞරව කරන ලෙස තමන් සියලු දෙනා ගෙන් ඉල්ලා සිටින බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි ඉල්ලා සිටිති.