නවතම පුවත්

ගර්භනී මව්වරුන්ට සහ ළදරුවන්ට නියමිත ත්‍රිපෝෂ නිවසටම

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙරට කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සියළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමය කරමින් සෞඛ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යාමට වැදගත් වූ තීන්දු තීරණ රැසක් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ‌සේවා අමාත්‍යාංශය විසින් ගෙන ඇති බව සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ‌සේවා අමාත්‍යාංශයේ ලේකම් ඡේ.එම් භද්‍රාණි ජයවර්ධන මහත්මිය සදහන් කරයි.

ඒ අනුව ගර්භනී මව්වරුන් හා කුඩා ළමුන් හට ලබාදෙන ත්‍රීපෝෂ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විසින් අදාළ නිවසටම ගොස් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. කුඩා ළමුන්ගේ  බර කිරීමකින් තොරව පසුගිය මස සටහන් වූ බර ප්‍රමාණයට අනුව ත්‍රීපෝෂ නිකුත් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ සමගම ගර්භනී මාතාවන්ට ලබාදිය යුතු විටමින් වර්ග ද බෙදා දෙනු ඇත.

එමෙන්ම පවත්නා කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය සති 04 තුළ ප්‍රතිශක්තීකරණ සායන පැවැත්වීමට සුදුසු තත්ත්වයක් නොතිබුන හෙයින් දැනට එම ප්‍රතිශක්තීකරණ සායන වසංගත තත්ත්වයන් තුළ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියා මාර්ග අනුගමනය කරමින් එනම් විශේෂයෙන්ම දුරස්ථ බව රැකගෙන, හැකි තරම් නිවසට සමීපයෙන් විශේෂ සායන මධ්‍යස්ථාන පවත්වා, සියළු දෙනාට එකවර නොපැමිණ, නිශ්චිත වේලාවක් ලබා දී, ඒ අනුව ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමට කටයුතු ද පිළියෙළ කර ඇත.

මේ සඳහා සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකට අමතර වාහනයක් ද, අමතර වෛද්‍ය නිලධාරියෙකු ද ලබාදීමට කටයුතු කර ඇති බව ද තම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනීයගෙන් වැඩි විස්තර ලබාගත හැකි බව ද සෞඛ්‍ය ලේකම්වරිය සඳහන් කරයි.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි