පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද දින කොරෝනා වෛද්‍ය පරීක්ෂණයකට මුහුණදීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
අගමැතිවරයා ඉකුත් සතියේදී මුණ ගැසුණු එරට දානපතියෙකුට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වීමත් සමග මෙසේ ඔහු මෙම පරීක්ෂණයට මුහුණ දීමට තීරණය කර ඇත.
අගමැතිවරයාව පරීක්ෂණයට ලක් කොට ඉන් ලැබෙන ප්‍රථිපල අනුව ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව පාකිස්ථාන අගමැතිවරයාගේ පුද්ගලික වෛද්‍යවරයා මෙන්ම කොරෝනා වෛරසය සම්බන්ධ උපදේශකවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය ෆයිසාල් සුල්තාන් සඳහන් කර ඇත.