නවතම පුවත්

ජපානයට මීටර් 30ක සුනාමියක් ගැන අනතුරු ඇඟවීමක්

අසංක

අසංක

ජපානයේ  පැසිෆික් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 9 ක ප්‍රබල භූමිකම්පාවක් සිදු වුවහොත් මීටර් 30 ක් තරම් උස සුනාමියක් උතුරු ජපානයේ හොකයිඩෝ සහ ඊසාන දෙසින් ඉවාටේ වෙත ඇතිවිය හැකි බව එරට රජයේ මණ්ඩලයක් අනතුරු අඟවා තිබේ.

විශේෂඥ කණ්ඩායමක් විසින් මෙම අනතුරු ඇඟවීම සිදු කළේ සිදුවිය හැකි  ‘නරකම තත්වය’ පදනම් කරගනිමිනි.

මහා භූමිකම්පාවක් රටේ උතුරු ප්‍රදේශවලින් “ආසන්න” විය හැකි බව ඔවුහු  පැවසීය.

එවැනි භූමිකම්පාවක් සිදුවිය හැකි බවට ගණනය කිරීම අසීරු බව කැබිනට් කාර්යාල මණ්ඩලය පවසා තිබේ.

ඔවුන් පෙන්වා දුන්නේ 17 වන සියවසේ නවතම නිරීක්ෂණයත් සමඟ සෑම වසර 300 ත් 400 ත් අතර කාලයක් තුළ කලාපයේ දැවැන්ත සුනාමියක් ඇති වී ඇති බවයි.

2011 දී රික්ටර් මාපකයේ 9.0 ක භූමිකම්පාවක් හේතුවෙන් ඊසානදිග ජපානය විනාශ කළ සුනාමියෙන් 15,000 කට අධික පිරිසක් මියගියහ.

කෙසේ වෙතත්, මේ වතාවේ කමිටුව අනාවැකි පළ කළේ සැන්රිකු සහ හිඩාකාවලට ඔබ්බෙන් වූ ටොකාචි සහ නෙමුරෝ මුහුද ආශ්‍රිතව භූ කම්පා ඇතිවිය හැකි බවයි.

ටෝකියෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් සහ මණ්ඩලයේ ප්‍රධානී භූ කම්පන විද්‍යාඥ කෙන්ජි සාටේක් පෙන්වා දුන්නේ දැවැන්ත භූමිකම්පාවක් සහ සුනාමියක් කලාපය තුළ බොහෝ විට සිදු නොවුනත් පසුගිය වසර 6,000 තුළ එවැනි භූමිකම්පා කිහිප වතාවක්ම සිදුවී ඇති බවයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා