හාලිඇළ මාධ්‍යවේදීන් දෙදෙනෙක් ගුටිඇනගෙන – අයෙක් රෝහලට

Picture of අසංක

අසංක

හාලිඇල ප්‍රදේශයේ ජනතාවට ආණ්ඩුවෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව බෙදා දීම පිළිබඳ වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙක් අතර ඇති වුණු බහින්බස් වීමක් දුරදිග යාමෙන් එක් මාධ්‍යවේදියෙක් රෝහල්ගත කර තිබේ.

ඊයේ ඇතිවූ මෙම සිද්ධිය පිළිබඳ මාධ්‍යවේදීන් දෙදෙනාම පොලීසියට පැමිණිලි කර ඇත.

මෙම මාධ්‍යවේදීන් දෙදෙනාම මාධ්‍ය ආයතන කිහිපයකටම සේවය සපයන අයයි.

ගැටුමට මුල්වී ඇත්තේ එක් මාධ්‍යවේදීයෙක් හැද සිටි මාධ්‍ය ආයතනයක නම ප්‍රදර්ශනය කෙරෙන කමිසයක් බව ද වාර්තා වේ.