යල කන්නයේ වගා කෙරෙන ප්‍රධාන බෝග 14 ක් සඳහා සහතික මිලක් නියම කිරීමට රජය තීරණය කර ඇත.
එම බෝග වගා කිරීම සඳහා අවශ්‍ය බීජ රජය මගින් නොමිලේ ලබාදෙන බවද සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී පැවසීය.
ඉදිරි සතිය තුළදී මෙරට ඇතිව තිබෙන පොහොර හිඟය මගහැරී යනු ඇතැයිද සමකැබිනට් ප්‍රකාශක, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා එහිදී සඳහන් කළේ ය.
ආනයනික පොහොර තොගයක් මේවනවිටත් මෙරටට ලැබී ඇති බවත් යුධ හමුදාවේ අධාරයෙන් ඒවා ගොවීන්ට සැපයීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා පැවසීය