මාර්තු 17 වැනිදා වනවිට ඒ ඒ සහතික කළ නිලධාරින් වෙත ලැබී තිබු සියලුම තැපැල් ඡන්ද අයදුම්පත් ලබන 28 වැනිදා සවස 4ට පෙර භාර දෙන්නැයි සහතික කිරීමේ නිලධාරින්ට මැතිවරණ කොමිෂන් සභාව දන්වා ඇත.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතාගේ අත්සනින් අද (23) දින නිකුත් කළ නිවේදනයකට අනුව ලබන 28 වැනිදා සවස 4ට පෙර අදාල කාර්යාලය,රාජ්ය ආයතනය පිහිටි දිස්ත්රික්කයේ ලේකම් කාර්යාලය,දිස්ත්රික් මැතිවරණ කාර්යාලය හෝ රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයට ආවරණ ලිපියක් හෝ අතින් ගෙනවිත් භාර දීමට ඒ ඒ් සහතික කිරීමේ නිලධාරින් ක්රියා කළ යුතුව ඇත.
මේ වනවිට තැපැල්පතිට ලැබී ඇති තැපැල් ඡන්ද අයදුම්පත් ලබන 27 දිනවනවිට දිස්ත්රික් මැතිවරණ කාර්යාලවලට ලබාදීමට තැපැල්පතිවරයා පියවර ගනු ඇතැයිද අදාල නිවේදනයේ සදහන්ව තිබේ.
මෙය තැපැල්පත් අයදුම්පත් භාරගැනීමේ නව දිනයක් ප්රකාශයට පත් කිරීමක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතා පවසයි.