ට්‍රම්ප් මුදල් දීම අත්හිටුවද්දී චීනයෙන් WHO වෙත ඩොලර් මිලියන 30ක්

Picture of අසංක

අසංක

 

නව කොරෝනා වයිරසයට එරෙහිව ගෙන යන සටනට සහාය දීමක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක අමතර පරිත්‍යාගයක් සිදුකිරීමට චීන රජය තීරණය කර ඇත.

සංවර්ධනය වෙමින් පවතින රටවල සෞඛ්‍ය පද්ධති දියුණු කිරීමේ අරමුණ ඇතිව මෙම මුදල් පරිත්‍යාග කරන බව බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා හුවා චන්යින්ග් අද ප්‍රකාශ කළාය.

ඉකුත් මාර්තු මාසයේදී ද චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක මුදලක් පරිත්‍යාග කළ අතර , ඊට අමතරව වෛද්‍ය උපකරණ තොගයක්ද පරිත්‍යාග කළේය.

චීනය මෙලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයට අමතර වශයෙන්ද ආධාර ලබාදීමට ඉදිරිපත්ව ඇත්තේ , ඇමෙරිකානු රජය එම සංවිධානයට ලබාදෙන ආධාර සම්පූර්ණයෙන් අත්හිටුවීමට තීරණය කර ඇති අවස්තාවකදී වීම සුවිශේෂී කරුණකි.